අවතැන් වූ පුද්ගලයන් නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිවරයා‌ ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ කටයුතු කළ අලගරත්නම් මනෝරංජන් මහතා ලබන විසි හය වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මේ අතර රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කළ වාහනවල තිබී අත්අඩංගුවට ගත් ගිනි අවි සම්බන්ධයෙන් පොලීසිය මේ වනවි‌ට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ ගණකාධිවරයා ලෙස කටයුතු කළ අලගරත්නම් මනෝරංජන් කිරුළපනදී අත්අඩංගුවට පත්වුණා. රිෂාඩ් බදියුදීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ද ඊයේ සවස වැල්ලවත්තේදී අත්අඩංගුවට ගැණුනා. මේ අතර බදියුදීන් මහතාගේ රියදුරන් දෙදෙනෙකු ඔහු භාවිත කළ බවට සැක කෙරෙන වාහන දෙකක්, අවි ආයුධ සමගින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගැණුනා. පුත්තලම ප්‍ර දේශයේ  පදිංචිකරුවන් වන මෙම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන්‌ට මෙම ගිනි අවි ලැබුණේ කෙසේද ඇතුලු කරුණු පිළිබදව මේ වනවිට පුළුල් විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

 2019 ජනාධිපතිවරණ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්  බස් රථ 225 ක් යොදාගනිමින් අවතැන් වූ ඡන්ද දායකයින් පුත්තලම සිට සිලාවතුර  දක්වා රැගෙන යාම මගින් රුපියල් මිලියන නවය හමාරක මුදලක් සාපරාධී සාවද්‍යපරිහරණයට ලක් කළ බවටයි බදියුදීන් මහතා ට චෝදනා එල්ල වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණය ඉල්ලීමක් කළේ ඊයේ දිනයේදීයී, කෙසේ වෙතත් පොදු දේපල පනත යටතේ බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දන්වා සිටියේ. ඒ අනුව යෙදවූ පොලිස් කණ්ඩායම් ඊයේ පස්වරුවේ සිට  රිෂාඩ බදියුදීන් මහතාගේ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස මෙන්ම පුත්තලම තල්අඩිය ප්‍රදේශයේ පිහිටි නිවසට ද, මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසකටද ගොස්  පරික්ෂා කර තිබෙන බව වාර්තා වනවා.  මේ අතර හලාවත මාදම්පේ ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයා තමන් ගමන් ගත් මෝටර් රථ දෙක වෙනුවට වෙනත් මෝටර් රථයක නැගී පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා කලින් ගමන් කළ මෝටර් රථ දෙක බවටයි විශ්වාස කෙරෙන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.