ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

ගතවූ දිනය තුල PCR පරීක්ෂණ 9974 ක්

බෙදා හරින්න :

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නිරෝධායනය වූ පුදගලයන් 52612ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම අද (15) වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයන් 9703ක් නිරෝධායනය වෙමින් සිටියි. අද (15) දින තම නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 254ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය. තවද අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයන් 34ක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

කොවිඩ් වෛරස ආසාදිතයින් සොයා සිදු කරන පී සී ආර් පරීක්ෂණ ඊයේ (14) 9974ක් සිදු කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම මුළු දිවයිනෙන් ම මේ වනවිට පී සී ආර් පරීක්ෂණ 348,909ක් සිදු කර තිබේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts