කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද දිනයේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ, අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි

මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදු කර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සදහන් කළා.

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ඊයේ දිනයේ ලබාගත් PCR පරීක්ෂණවල වාර්තා මෙතෙක් අනාවරණ වී නැහැ.

කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති 02 කට මේ වනවිට සීමා කර තිබෙනවා.
ඒවායේ සියළුම සේවා හා ගෙවීම් සදහා අන්තර්ජාලය භාවිතා කරන ලෙසයි දැනුම්දී ඇත්තේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.