කොරෝනා බව කී මාධ්‍යවේදියාට කොරෝනා නෑ

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා.

පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී තිබුණා.

පසුගිය 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට ද මොහු සහභාගි වී සිටි බැවින්, එම මාධ්‍ය හමුවට සහභාගි වූ සියලු මාධ්‍යවේදීන්ට නිවෙස් වලට වී සිටින ලෙසට නිවේදනයක් ද මින් පෙර නිකුත් කෙරුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.