නවසීලන්ත අගමැතිනිය මැතිවරණයෙන් ජය ගනී

නවසීලන්ත මහ මැතිවරණයෙන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් යළි ජය ලැබීමට සමත්ව තිබෙනවා.
ඒ මේ වන විට ප්‍රකාශිත සියයට 80ක ජන්ද ප්‍රතිඵල අතරින් බහුතරයක් හිමිකර ගනිමිනුයි.
ඒ අනුව නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120න් 64 ක් අගමැතිනිය නායකත්වය දරන කම්කරු පක්ෂයට හිමිවන බවට පුරෝකථනය කර තිබෙනවා.
එය 1996 වසරෙන් පසු නවසීලන්ත මැතිවරණයකදී පක්ෂයක් හිමිකරගත් වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවයි.
නවසීලන්ත ජාතික පක්ෂයට ආසන 35ක් හිමිවන බවයි ප්‍රකාශවන්නේ.
කෙසේ වෙතත් තනි ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්ත අගමැතිනියට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
ඇය 2016 මැතිවරණයේදී බලයට පත්වූයේ පක්ෂ 2ක හවුල්කාර රජයක් ලෙසයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසයට එරෙහි සටනට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනිය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම දැවැන්ත ජයග්‍රහණය හිමිකර ගැනීමට නවසීලන්තයේ කම්කරු පක්ෂය සමත්ව ඇත්තේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් නවසීලන්ත විපක්ෂයේ ප්‍රධානී ජූඩිත් කොලින්ද සුබ පැතුම් පල කර තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.