ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

මාධ්‍යවෙිදීන් දෙදෙනකුට පහරදීමට එරෙහිව මුලතිව් හී විරෝධතාවයක්

බෙදා හරින්න :

දැව ජාවාරමක් පිළිබඳව මාධ්‍ය ආවරණයක නිරත වූ මුලතිව් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිදුකල පහරදීමට විරෝධය පාමින් මුලතිව් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතාව පාගමනකින් මුලතිව් වන සංරක්ෂණ කාර්යාලය දක්වා ගමන් කොට එහි නිලධාරීන්ට සන්දේශයක් භාර දුන් අතර ඉන් අනතුරුව මුලතිව් පොලීසිය වෙතටද සන්දේශයක් භාරදීමට පියවර ගන්නා ලදි.

පසුගිය 12 වනදා මුලතිව් මුරිප්පු ප්‍රදේශයේදී දැවජාවාරමක් හෙලිකිරීමට සඳහා ප්‍රවෘත්ති ආවරණයක් කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වූ ෂම්මුගම් තවසීලන් හා කනපතිපිල්ලෙයි කුමරන් ය අයට දැඩ ජාවාරමේ නිරත වූවන් සිව් දෙනෙකු විසින් පහරදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

විරෝධාතව වෙනුවෙන් පහරකෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වූ ෂම්මුගම් තවසීලන් හා කනපතිපිල්ලෙයි කුමරන් යන අයද සහභාගී වී සිටි අතර සන්දේශයන් භාරදෙමින් විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයේ සිදුවන දැව ජාවාරම් නැවත්වීමට පියවර ගත යුතු බවටත් දැව ජාවාරම් පිළිබඳව හෙලි කිරීමට උත්සහ ගන්නා මාධ්‍යවේදීන්ට නැවත එවැනි ප්‍රහාරයන්ට ලක් නොවිය යුතු බවටත් වහාම පහරදීමට සම්බන්ධ සියලු වරදකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය. – වන්නි – රොමේෂ් මධුසංඛ

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.