සෞදි අරාබියේ පසුගිය පැය 24ක කාලය ඇතුළත නව ආසාදිතයින් 472ක් වාර්තා වී තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍ංයාශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම සංකූලතා ඇතිවීම හේතුවෙන් එම කාලය ඇතුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් සඳහන්.

අද වනවිට සෞදි අරාබියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 341,062ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොරෝනා වසංගතය ආරම්භවූ දා සිට මේ දක්වා පුද්ගලයින් 5127ක් මරණයටපත්ව තිබේ.

පුද්ගලයින් 328,538ක් පූර්ණ සුවය ලබා තිබේ.

ඔබත් සෞදියේ සේවය කරන ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙහ් කටයුතු කරන්න. ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න.-වැඩබිම

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.