ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලකින් කොරෝනා ආසාදිත සිසුවියක් හමුවීමෙන් පසු එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම සිසුවියට ඇතිවූ රෝග තත්ත්වයක් මත පී සී ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබුණා.
මේ හේතුවෙන් සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගනු ලැබූ බව ගම්පහ කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා පැවසුවා.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ප්‍රතිකාර සඳහා යොමු කර ඇති සිසුවියට අයි ඪී එච් රෝහලේ සිට උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇති බව සදහන්.
එම සිසුවිය විභාගයට පෙනී සිටි පාසලෙහි විභාග ශාලාවේ කටයුතු කළ කාර්ය මණ්ඩලයද විශේෂ විභාග ශාලාවට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම සිසුවියන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා දීමටත් කලාප කාර්යාලය පියවර ගෙන තිබුණා.
මේ අතර කොරෝනා ආසාදිත සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කරමින් පවතිනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.