රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීමත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළේත් තමන්ගේ ආණ්ඩුව කාලයේ බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ “මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්,ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.” ලෙසින්ද වැඩිදුරටත් සඳහන්ව තිබිනි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

Sinhala_Anniversary_p1

Sinhala_Anniversary_p2Sinhala_Anniversary_p3Sinhala_Anniversary_p4Sinhala_Anniversary_p5Sinhala_Anniversary_p6

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.