පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසනවා.
එම ප්‍රදේශයේ 100 ක පමණ පිරිසක් හෙට දිනයේදී පීසීආර් පරීක්ෂාවන්ටද ලක් කිරීමට නියමිතයි.
මෙම කොට්ඨාසය තුළ නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරුව තිබුණා.
එම ගම්මානයෙන් මේවනවිට ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වී ඇති බවද සඳහන්.
අවුරුදු 31 ක් වන මෙම කාන්තාව දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බවද හෙළිව තිබෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.