Skip to content

කල්ලාරු ඇතාගේ ඇත් දළ තක්සේරු දෙපාර්තමේන්තුවට

තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හා ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යොමුකරන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා නියෝග කර තිඛෙනවා.

ඒ මෙම ඇත් දළ යුගල සැබෑ ඇත් දළද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සදහා සහ දළ යුගලයේ වටිනාකම තක්සේරු කිරීම සදහා එසේ ඔවුන් වෙත යැවීමට නියෝග කෙරිණි.

වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන කල්ලාරු ඇතාගේ ශරීර කොටස්ද ඉකුත් 5 වැනිදා සිලාවතුර මොල්ලිකුලම් ප‍්‍රදේශයේදී සොයා ගැනීමට අනුරාධපුර කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහූ සමත් සමත්වුණා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිරිසක් මේ වන විට රක්ෂිත බන්ධනාගාතරගත කර තිඛෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.