සේද මාවත ව්‍යාපෘතියෙන් ඕස්ට්‍රේලියාව ඉවත්වීමේ සූදානමක

Sri Lanka

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය චීනය සමඟ ඇති කර ගත් මතභේදාත්මක බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආරම්භක ගිවිසුම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වන බව ඩේලි මේල්  වෙබ් අඩවිය වාර්තා කරනවා.
එරට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේ 2018 දී චීනය සමඟ ඩොලර් ට්‍රිලියන 1.5 ක ගිවිසුමක් නව සේද මාවත ව්‍යාපෘතිය තුල අත්සන් තබා තිබුණ ද එයින් තම රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවයි.
ඒ අනුව ලබන මාර්තු 10 වන විට ඔස්ටේ්‍රලියාවේ සියළු ප්‍රාන්ත. විදේශ බලවතුන් සමඟ ඇතිකරගත් සියලු ගිවිසුම් විස්තර කළ යුතු අතර එය ෆෙඩරල් රජය විසින් තක්සේරු කරනු පබනවා.
මේ යටතේ චීනය සමග ඇති කරගත් ගිවිසුම පිළිබද ගැටළු පවතින බැවින් සති කිහිපයකින් එය ඉවත් කළ හැකි බවයි ස්කොට් මොරිසන් මහතා පවසන්නේ.
මෙය දෙරට අතර වෙළද යුද්ධය වර්ධනය කරන අවස්ථාවක් ලෙසටයි අනාවැකි පලවන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *