කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 53ක් බවට පත්ව තිබෙනවා.මේ වන විට මතුගමින් කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තාවන අතර වලල්ලාවිට ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවුණා.
මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක් කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකු වාර්තාවූයේ ඊයේ දිනයේදීයි.
දැනට හුදකලා කර ඇති මතුගම ඕවිටිගල විහාරස්ථානයේ උපස්ථායෙකයෙකු ලෙස කටයුතු කල අයෙකු හා බදුගම නව ජනපදයේ ලියන්කන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 4 ක දැරියක්ද වෛරසයට ගොදුරුවී තිබුණා.
මතුගම පෞද්ගලික බැංකුවක සේවය කරන සේවිකාවක් හා කොළඹ ඩොක්යාඩ් ආයතනයේ සේවය කරන අයෙකුද මෙම කොරෝනා ආසාධිතයන් අතරට ඇතුලත්. – බන්දුතිලක තඹවිට මතුගම්‍

 

 

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.