පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අංශ 3ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ එම අංශවලට සම්බන්ධ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනයවීම මතයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක දේව මෙහෙයට සහභාගී වූ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කණ්ඩාමට සම්බන්ධ මෙම සේවිකාව ගමන් කළ කර්මාන්තශාලා බස් රථයේ සිටි පිරිස සහ අදාළ අංශ තුනේ සේවය කරන 60 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධයනයට ලක්කරමින් පවතිනවා.
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන ඉහළයෑම සහ ආශ්‍රිතයන් පිරිස වැඩිවීම පිළිබද සැළකිලිමත් වන ලෙසයි ප්‍රදේශවාසීන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කර ඇත්තේ.

 

 

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.