කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හු​දකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා.

පසුගිය මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා සහන ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් සහ කාලාන්තරයක් විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත්, ඉදිරියේදී වසංගතය ක්‍රියාත්මක වන ආකාරය සහ පොලිස් බල ප්‍රදේශ හු​දකලා කරන ආකාරය සළකා බලා එම තීරණය වෙනස් කිරීමට ඉඩ ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.