කොට්ටාව ප්‍රදේශයේ පිහිටි මසුන් අළෙවි කිරීමේ වෙළෙද සැලක සේවකයින් සිව්දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම වෙළඳසැල වැල්ලවත්තෙන් හදුනාගත් බැංකු සේවක කොරෝනා ආසාදිතයකු මාළු මිලදී ගත් ස්ථානය බවයි හදුනාගෙන ඇත්තේ.
එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල හරහා වෛරසය ඔවුන් වෙත ළගාවූයේදැයි සැකයක් මතුව තිබෙනවා.
එම මාළු අලෙවි කිරිමේ වෙළෙද සැලට පසුගිය දිනවල මුඛ ආවරණ නොපැලද පැමිණි පුද්ගලයින් වේ නම් ඔවුන්ට සැලකිලිමත්ව සිටින ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. මේ අතර මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
කොළඹ පිහිටි සිනමන් රෙසිඩන්ස් හි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි අද තහවුරු කෙරුණේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.