මෙරට තුල කොරෝනා වෛරසය පැතිර යාම සමාජගතවී ඇති බවට සැලකිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ එම සම්පූර්ණ නිවේදනයයි.
කොවිඩ් සමාජ පැතිරීමක් නොවේය කීම සදහා ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කාරුණු සම්පූර්ණ වී නොමැති අතර සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පොකුරු වලට ඇති සම්භන්ධතාවයක් තව දුරටත් ගොඩනංවමින් සිටින බැවින් මෙය සමාජ පැතිරීමක් යැයි එකහෙලා ප්‍රකාශ කිරීමේ ගැටළුවක් පවතිනවා.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුල කොවිඩ් සදහා ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දී නොමැති බැවින්, ස්වභාවිකව සුවපත් වූ, ආසාධිතයින් දත්ත ලබා ගැනීමේ හැකියවක් නැහැ. බුද්ධි අංශ වලට පවා හඹා යා හැකිව තිබෙන්නේ PCR පරීක්ෂණ මගින් ලබා දෙන්න දත්ත පමණක් සලකමින් වන බැවින්, රෝගයේ මාර්ගය සොයා යෑමේ බුද්ද්ධි අංශ ක්‍රමවේදය 100%න් සාර්ථක වුවද, දත්ත නොමැති රෝගීන් මහ හැරීම සහ සමජය තුල  අහඹු ලෙස ව්‍යාප්තව සිටිය හැක.
එමෙන්ම, කොවිඩ් පාළණය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලීක පැරාමිතින්ට අනුව කොවිඩ් වසංගතය සදහා මහජනතාව සහ රටවල් සූදානම් කර තැබීමේදී, අපි “වඩාත්ම භායානක අනුමානයට” සූදානම් විය යුතුය.
ඒ අනූව කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාළණයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුරක් දිහා බලමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ශෂිත ප්‍රතිපත්තියකට යෑම මේ මොහොතේ අතිශය භයානක වෙනවා.
විශේෂයෙන්ම සාමාන්‍ය මහ ජනතාවට තීරණ ගනු ලබන්නේ බුද්ධි අංශ තොරතුරු හෝ උපක්‍රම මත පදනම්ව නොවන නිසා මෙය “සමාජ පැතිරීමක්” ලෙස  සලකා කටයුතු කිරීම විද්‍යාතමකවත්, ප්‍රායෝගිකවත් අනුගමනය කල යුතු වඩා සුදුසු ක්‍රියා මාර්ගයයි.
ඒ නිසා පොකුරක් දිහා බලාගෙන හෝ ගම්පහට ඇහැ ගහගෙන නොඉද, තමන් අවට සිටින ඕනෑම කෙනෙකුගෙන් රෝගය බෝවිය හැකි බව සලකා ආරක්ෂාවන ලෙස අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.