එම් එස් දෝනි සිනමා පටයේ තවත් රංගන ශිල්පියකු සිය දිවි හානි කර ගනී

Sri Lanka

එම් එස් දෝනි – ද අන්ටෝල්ඩ් ස්ටෝරි සිනමා පටයේ රංගනයෙන් දායකවූ තවත් ප්‍රධාන රංගන ශිල්පියකු සිය දිවි හානිකරගෙන තිඛෙනවා.
ඒ රංගන ශිල්පී සන්දීප් නහාර් සියදිවි හානි කර ගැනීම සමගයි.
මීට පෙර එම සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානිකරගෙන තිබුනා.
රංගන ශිල්පී සන්දීප් නහාර් සිය පුද්ගලික ගැටලුවක් හේතුවෙන් සිය දිවි නසාගත් බව ලිපියක සටහන් තබා ඇති බවයි ඉන්දීය මාධය වාර්තා පැවසුවේ.
සිය පවුල් දිවියේ ගැටළු පිළිබද එහි සටහන් තබා ඇති අතර එහි අවසන් වරට සටහන් කර ඇත්තේ තම මරණය වෙනුවෙන් බිරිඳට චෝදනා නොකළ යුතු බවයි.

විශේෂ (ලංකා ඒ නිවුස් පණිවිඩයක්)
ඔබ යම් ගැටලුවක් හේතුවෙන් මානසික ආතතියෙන් පීඩා විදින්නේ නම් කරුණාකර උපකාර සඳහා ඔබට ළඟම ඇති රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය අමතන්න.නැතහොත් ඔබට උපකාර කිරීමට සූදානමින් සිටින පහත අංශයන් අමතන්න.

“සුවසැරිය” සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය උපදෙස් +94 710 107 107
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ උපදේශන සේවාව, “Say Yes To Life” +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම – 1333 උපදේශන සේවාව 1333
+94 112 692 909
ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය මනෝ වික්ෂිප්තභාවය පිලිබඳ උපදෙස් +94 117 490 000
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපචාර සහ හිංසනය පිලිබඳ තොරතුරු ලබා ගැනීම හා දුරකථනය ඔස්සේ උපදේශනය සැපයීම 1929
+94 112 778 911

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *