පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙත පසුගිය දිනවල මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා උපදෙස් ලබා දෙනවා.
ඔහු කියා සිටියේ එම මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 55 දෙනකු වාර්තාවීමත් සමඟ මෙම අවදානම පවතින බවයි.

පදිංචි ස්ථානයේම රැඳී සිට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දුරකථනය හරහා හෝ ඒ බව දැනුම් දීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.