අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව මත විමසුම් සියල්ල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියයට 10ක පමණ ඉදිරියකින් පසුවන බව අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා 2016 ජනපතිවරණයේදී ජයගත් ප්‍රාන්ත පවා ඔහු පරාජයට පත්වන ලකුණු පෙන්නුම් කරන බවයි සී එන් එන් වාර්තා කළේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අසාර්ථකවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම මේ සදහා දැඩිව බලපා තිබෙනවා.
එසේම සුළු ජාතික හා කළු ජාතික ජන්දවල වැඩි ආකර්ෂණයක් ඩිමොක්‍රටික් අපේක්ෂකයා වෙත නැඹුරුවී ඇති බවද මෙම වාර්තා පවසනවා.
කෙසේ වෙතත් ලබන මස 3වනදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් තීන්දුව පිළිබද පැහැදිලි අදහසක් ලබා ගැනීම මෙතෙක් දුෂ්කර බවද ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.
ඒ 2016 ජනාධිපතිවරණයට පෙර සිදුකළ මත විමසුම්වලදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයගන්නා බව ප්‍රකාශවී තිබුණද ඇය පරාජයට පත්වීම මතයි.
එසේම වැඩිම ජන්ද ලාභියා වශයෙන් නොව කොට්ඨාශ ක්‍රමයක් සැලකිල්ලට ගැනීමද තීරණය වෙනස් කළ හැකි බවයි සදහන් වන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.