මිනුවන්ගොඩ කොරෝනා පොකුරද සමඟ මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13කට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර සෙසු දිස්ත්‍රික්ක වෙතද වෛරසය ව්‍යාප්තවීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සහ ගම්පහ පෙදෙස්වලින් වාර්තා වී ඇති බවද ඒ මහතා අනාවරණ කළා.
පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව මාළු වෙළෙන්දන් 49දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීම සමඟ දිවයින පුරා මාළු වෙළෙන්දන්ට ද අවදානමක් පවතින බව මෙහිදී සදහන් කෙරුණා.
පෑලියගොඩ මාළු වෙළඳසැලට සැපයෙන මාළු මුළු රටටම මාළු බෙදාහරිනවා. මාළු වෙළෙන්දන්ගෙන් සහ දිවයිනෙන් බැහැරට මාළු ගෙන යන ධීවරයන් ඇසුරු කළ පිරිසට වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා
එනිසා පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගත් වෙළෙන්දන්, තමන්ට වයිරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පහළවෙනවාදැයි සැලකිලිමත් විය යුතුයි

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.