එදා ජනතාව රවටා ඡන්දය  තමන් වෙත ලබා ගැනිමට පටු ජාතිවාදී මතයක් ගොඩ නගා බලයට පැමිණ පසුව  අද 20න් තම බලය තහවුරු කර ගැනීමට ක්‍රියාකළ ආකාරයෙන් ඔවුන් ලැබු ජනවරමට පිටුපෑ අයුරැ අප කාටත් පාර්ලිමේන්තුවේදි පෙන්නුම් කලා. එහි විපායක් ලෙස 20 වනසංශෝධනය සම්මත කල පසුව ජාතියේ මුරදේවතාව ලෙස සැලකූ මාධ්‍යයේ  භූමිකාවද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් සමඟම හැකිලෙනවා යැයි සමගි ජනබල වේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

තනි පුද්ගලයෙකු බලය ඉක්මවා කටයුතුකිරීම තුළණය කිරීම සඳහා 19 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ස්වාධීන කොමිසම් සහ විගණනයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන්  මෙම නවප්‍රවනාතවයෙන් රටට අහිමි වනවා යැයි ද හෙතෙම පැවසීය.

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබඳව පැවති දෙදින විවාදයේ දී 22 වන දා පාලිමේන්තුවේ කථා කරමින් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

එම විවාදයේ දී වැඩි දුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද විගණනයපිළිබඳව තීරණය කරන්නේඑහි ප්‍රධානිය නොහොත් ප්‍රධාන විධායක නිලධාරී නොව ආයතනයේ මහා සභා රැස්වීමේ දී එහි කොටස් කරුවන් විසින් ය. ගමේ මරනාධාර සමිතියක වූව ද වසරකට වරක් සාමජිකයන් රැස්වෙලයි සංගමයේ ගණන් බැලීම කවුරුන් විසින් සිදු කළ යුතු යැයි තීරණය කරන්නේ.දැන් ලෝක සම්මත සියලු මූල ධර්ම බිඳ දමා ලංකාවේ විගනකාධිපතිගේ හා අධිකරණ සේව කොමිසම් හා අනෙකුත් කොමිසම් නිලධරීන්ගේ ස්වාධීනත්වය නැතිකර තිබෙනවා.ජාත්‍යන්තර විගණන සංවිධානය ද එකී මෙක්සිකන් ප්‍රකාශයෙන්  විගණනයට අදාළ ප්‍රතිපාදන රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාවටම ඇතුළත් කළ යුතු යැයි සඳහන් කර තිබේ. දැන්  එම ස්වාධීන අවස්ථා සියල්ල ලංකාව විස්ස හරහා අහෝසි කර ඇත.

එහෙත් මහජනතාවගේ මුදලින් නඩාත්තුවන රාජ්‍ය ආයතන විගණනය කිරීමේ බලධරයා වන විගණකාධිපති තෝරන්නේ නව සංශ්හෝධනය අනුව ජනපති විසිනි.එවිට විගනකාධිපති ගේ ස්වාධීනත්වය නැතිවෙනවා.පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් ගිණුම් කාර සභාව සොරකම් වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ ද විගනකාධිපතිගේ වාර්ථාව පදනම් කරමිනි. මෙය හරහා සොරකම් වංචා අවම කළ හැකි වන අතර මාධ්‍ය මගින් මේව හෙළිදරව් කරන නිසා සොරුන් වූවද දූෂණයක යෙදෙන්නට දෙවරක් සිතනවා.

දැන් ස්වාධීන වෘත්තිය යැයි සලකන ලද අධිකරණ සේවා කොමිසම හා අනෙකුත් කොමසම් සහ විගනකාධිපති ගේ ස්වාධීනත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකිද ? ජනපති ඔවුන් පත් කරනවා පමණක් නොව ඉවත් කිරීමේ බලය ද ජනපති සතු කරගෙන හෙයින් එවන් උසස් නිල තළ දරන වෘත්තිකයන්ට තමන්ට ඉදිරියේ දී කුමක් වේ දැයි චකිතයක් ඇති වීමට ඉඩ ඇතැයි වික්‍රමරත්න මහතා පැවසීය.

ලංකාවේ දූෂණය කළ ආයතන ප්‍රධානියෙක් අත් අඩංගුවට ගත් විගස දේශපාලන පළිගැනීමක් කියන සංස්කෘතියක් තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ දූෂණයක් පිළිබඳව බ්‍රිතාන්‍ය උසාවියකින් පෙන්නල දුන් පසුවයි එහි ප්‍රධානියාව ගුවන් තොටුපලේදී අත් අඩංගුවට පත් කළේ. නැතිනම් එයත් දේශපාලන පළි ගැනීම් කියන්නට තිබ්බා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අසීමිත බලයක් තිබෙන්නේ. 2015 අප්‍රේල් 09 වනදින G.L පීරිස් අමාත්‍යවරය කළ ප්‍රකාශය මා මෙහි උපුටා දක්වන්නට කැමතියි.

“ව්‍යවස්ථාවකට ඇතුළත් කරන ඕනෑම කරුණකට කථානායක අත්සන් කර එය නීතියක් බවට පත් වූ පසු එය කිසිදූ අධිකරණයකින්  අහෝසි කළ නොහැක”

එනිසයි ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධනයක් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ කරුණු වලින් පසු එයට හරයාත්මක වෙනස්කම් ඉදිරිපත් නොකළ යුතු වන්නේ.

කෙටුම්පතක් පිළිබඳ අභියෝග කිරීමේ කාල සීමාවනව වෙනස්කිම් වලින් දින 14 සිට 07 දක්වා අඩු කර ඇති අතර ජාතික ආරක්ෂාව හා ආපදා කළමනාකරණ ට අදාළව හදිසි පනත් ඉදිරිපත් කිරීමේ බලයක් ලබා ගෙන තිබේ.මෙය සමාලෝචනයට අධිකරණයට තිබෙන්නේ පැය 24 කි.  මෙය භයානකයි. මේවාට නිසි අර්ථකතනයක්නැත. රජය හිතන ඕනෑම පනතක් මෙම දොරටුව හරහා ගෙන ඒමේ අවදානමක් තිබෙන බව ද වික්‍රමරත්න මහතා අනතුරු ඇඟවීය.

නීති සම්පාදනය විධායකගේ වැඩක් නොව. එය ව්‍යවස්ථාදායකයේ බලයකි. එය අත්හැරිය නොහැකියැයි කී ඉරාන් වික්‍රමරත්න මහතා එම බලය 20 හරහා විධායකය පැහැරගෙන ඇතැයි චෝදනා කළේය.

20 වන සංශෝධනය ආර්ථිකයටද මරු පහරක් යැයි කී හෙතෙම නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආයෝජනයට බලපානවයි කීය.2010-2014 රජයේ කාලයේ ඌණ උපයෝගිතා පනත මගින් පෞද්ගලික ආයෝජකයන්ගේ ව්‍යාපාර ද ජනසතු කළ බැවින් දැන් නීතියේ ආධිපත්‍යය ද තර්ජනයට ලක්ව ඇති කාලයක විදේශීය ආයෝජකයන් ලංකාවේ ආයෝජනයට එන්නට බිය වනු ඇතැයි ද දේශීය ආයෝජකයන් පවා තම ආයෝජන කලාපයේ වෙනත් රටවලට ගෙන යාමේ අවදානමක් තිබෙනවා යැයි ද අවධාරණය කළේය.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.