ආර්ථික ස්වාධීනත්වය හා දිගු කාලීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩිනම් තීරණයක් ගත යුතු බව අමෙරිකාව පවසනවා.
අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර ලේකම්  Dean Thompson මේ බව සදහන් කළේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
පවත්නා තත්ත්වය තුල එම තීරණය ගැනීම අසීරු වුවද එය අත්‍යාවශ්‍ය මට්ටමක පවතින බවද  Dean Thompson මහතා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් කොටස්කරුවකුවීමට අමෙරිකාව දැඩි උනන්දුවෙන් පසුවන බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බාහිර බලපෑම්වලින් තොරව ස්වාධීනව පැවතීම මෙන්ම නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් වෙනුවෙන් ලංකාවේ සහාය ලබා දිය යුතු බවටද මෙහිදී ඉල්ලීමක් සිදුකර තිබුණා.
ලබන 28 වනදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ දැඩි අවධානය යොමුවනු ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ,ආගමික නිදහස ආදී කරුණු පිළිබදවද අමෙරිකාව අවදානයෙන් පසුවන බවද මහතා මෙහිදී කියා සිටියා.

මේ අතර චීනය හෝ අමෙරිකාව යන එක් පිලක් තෝරාගන්නා ලෙස අමෙරිකාව කුඩා රටවලට බලපෑම් කරන බව චීනය අද කියා සිටියා.
චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සාහෝ ලීජියෑන් මේ බව කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු රජය දරන ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින්.
එහෙත් එය සාර්ථක නොවන බවයි චීනය අවදාරණය කරන්නේ. – අමල් අල්මේදා

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.