ගාල්ල ධීවර වරායේ ධීවරයින්  5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ගාල්ල ධීවර වරායේ කළමණාකරු නිරන්ජන් දිසානායක මහතා කියා සිටියේ ඊයේ (23) සිදුකළ පී සී ආර් පරීක්ෂණ 165ක් අතරින් පස් දෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බවයි.
 අද දිනය තුලද  ගාල්ල ධීවර වරායේ පුද්ගලයින් 300කට පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බව වරාය කළමණාකරු සඳහන් කළා.
මේ අතර ගාල්ල වරායේ ධීවර කාර්මිකයෙකු හදිසියේ ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව වරාය කළමණාකරු නිරන්ජන් දිසානායක මහතා පැවසුවා.  ඊයේ (23) දවල් කාලයේ වරායේ ප්‍රධාන දොරටුව අසල ඇතිවු තෙරපුමත් සමග අදාළ ධීවර කාර්මිකයා රෝගී වී ඇති අතර පසුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමේදී මෙලෙස මියගොස් ඇති බවයි වරාය කළමණාකරු කියා සිටියේ.
කෙසේවෙත් ඔහු මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර පී සී ආර් පරීක්ෂණ සඳහා සිරුරෙන් සාම්පල ලබා ගෙන තිබෙනවා.
27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.