කළුබෝවිල ශික්ෂණ රෝහලේ  7 වන වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු පුද්ගලයෙකුට සිදුකළ පී සී ආර් පරීක්ෂණයකින් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවයි.
කෙසේවෙතත් තමන්ට වෙනත්  රෝගී තත්වයක් ඇති බව පවසමින්  ඔහු රෝහල් ගතව ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පිළිබඳ මතුවු සැකයක් මත පී සී ආර් පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
ඒ අනුවයි මොහු කොරෝන ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.
මේ හේතුවෙන් අදාළ වාට්ටුවේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානය සඳහා යොමු කිරිමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.