ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි.
එම නිසා රුධිරය හගයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බවත් අධ්‍යක්ෂකවරයා මාධ්‍ය වෙත සදහන් කර තිඛෙනවා.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.