නුවරඑළියට හිම වැටෙයිද ? සෙල්සියස් අංශක 4යි / මල් තුහින ඇරඹෙයි

නුවරඑළියේ උෂණත්වය අධික ලෙස පහත වැටීම( සෙල්සියස් අංශක 4 දක්වා ) සමග ජන ජීවිතයට හා වගාවන්ට දැඩි බලපෑමක් එල්ලවී තිඛෙනවා.
අලුයම් කාලයේ ප්‍රදේශය පුරා පවතින අධික ශීතල කාලගුණය නිසා ඇතැම් පිරිස් ගිනිමැල ගසා ඇග උණුසුම් කරගැනීමටද කටයුතු කරන අතර මල් තුහින ඇතිවීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී තිඛෙනවා.
පවතින අධික ශීතල කාලගුණයත් සමග තවදුරටත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වන අතර, එම මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම් වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එළවළු වගාවට පතිත වන මල්තුහිනවලින් ආරක‍්ෂා කරගැනීම සඳහා හිරු එළිය වැටීමට ප්‍රථම එළවළු වගාවේ තැන්පත් වී තිඛෙන මල්තුහින ජලය යොදා සෝදා හැරීමටද ගොවීහු පුරුදු වී සිටිනවා.
කෙසේ වෙතත් එය තේ වගාවට යොදා ගත හැකිවන්නේ නැහැ.
ඒ අනුව දිගින් දිගටම මෙම තත්ත්වය පැවතියහොත් තේ වගාව විනාශවීමේ අවධානමක්ද පවතිනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.