පාර්ලිමේන්තුවේ බුද්ධි ඒකකයට අනුබද්ධ රාජකාරියේ යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ කළේ ඔහු පසුගිය දින කිහිපය පුරා මෙම නිලධාරියා සේවා කටයුතු සඳහා වාර්තා කළ බවයි.
කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ ආපන ශාලාව ආශ්‍රිතව වැඩි වශයෙන් රැදී සිට ඇති බවයි හෙළිව ඇත්තේ.
එම නිලදාරියාගේ සමීපතම පොලිස් නිලධාරීන් දෙදෙනකුට අද දිනයේ පී සී ආර් පරීක්ෂණ සිදුකර තිබෙනවා.
තවත් නිලදාරීන් 12 දෙනකුට ලබන අඟහරුවාදා දිනයේදී පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
ඒවායේ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නා බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.