අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියකුට කොරෝනා වැළදී ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය අරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියකුට කොවිඩ් 19 වැළදී නොමැති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. කොවිඩ් ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධ බාහිර ඒකකයකින් බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍යවරයා සහභාගී වන බාහිර උත්සව වල පූර්ව ආරක්ෂක කටයුතු සූදානම් කිරීමට අදාළව පමණක් සම්බන්ධ වන එන නිලධාරියා ඔක්තොම්බර් 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.