මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්  පහළොස් දෙනකු හදුනාගෙන තිබෙනවා.

නාගහවත්ත ,පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත ,නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙනිය සහ ජයගත් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයන් බව හෙළිකර ගෙන තිබුණා.

එසේම මෙම ආසාදිතයින්  පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙ හා වරායේ  ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි ද මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයන් හඳුනාගැනීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත්  දෙසීයකට ආසන්න පිරිසක් නිවෙස් 25 ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.