කෝවිඩ්  19 ආසාදිතයන් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් නවයක් ඊයේ රාත‍්‍රී සිට හුදකලා කර තිබෙනවා.

රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේ රත්නපුර පොලිස් කොට්ඨාසයේ සිරිපාගම පොලිස් වසමේ ග‍්‍රාමසේවා වසම් නවයක් හුදකලා කර ඇති අතර සිරිපාගම පොලිස් වසමට අයත් උතුරු ගිලිමලේ, දකුණු ගිලීමලේ, මාපලාන, පාගොඩ, කැටවල, ගුරුලූවාන, ශ‍්‍රී පලාබද්දල, ඇඹුල්දෙනිය, සිරිපාගම, යන ග‍්‍රාම නිලධාරී වසම් මෙසේ අගුලූ දමා ඇති බවයි.

රත්නපුර දෙසින් හෝ කුරුවිට දෙසින් මෙම පොලිස් වසම්වලට අතුලූවීම සීමා කර ඇති බව පැවසූ පොලිස් අධිකාරීවරයා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්ත ඇතුලූ අත්‍යවශ්‍ය සේවා කටයුතු කරන අයට බාධාවකින් තොරව කටයුතු කිරිමට අවස්ථාව සලසා ඇතත් නිකරුණේ ගැවසීමට ඉඩ ලබා නොදෙන බවද අවධාරණය කළා.

රත්නපුර සහ කුරුවිට පොලිස් වසම් වල මායිම්වල මාර්ග බාධක යොදා පැය විසිහතර පුරා ආරක්‍ෂක විධිවිධාන තර කර තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.