ඩොලර් බිලියන 2.4ක් වටිනා හාපූන් මිසයිල තායිවානයට අලෙවි කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ චීනයේ දැඩි විරෝධය මැදයි.
ඒ අනුව දේශසීමා ආරක්ෂාවට භාවිත කරන මෙම දැවැන්ත මිසයිල හා මිසයිල නාශක අවි තායිවානයට සපයන බවයි අමෙරිකාව පවසන්නේ.
තවත් ඩොලර් බිලියනයක් වටිනා මිසයිල 135ක්ද තායිවානයට අලෙවි කරන බව අමෙරිකාව පසුගියදා ප්‍රකාශ කලා.
චීනය විසින් තායිවානයට එරෙහි පියවරක් ගනු ඇතැයි යන සැකය මතයි තායිවානය සිය යුධ බලය වර්ධනය කරමින් පවතින්නේ.
එය නීති විරෝධී ක්‍රියාමාර්ගයක් බවටද චීනය චෝදනා කළා.
මෙම අවි සැපයීම මත අමෙරිකානු චීන අර්බුධ තවත් උත්සන්න වී තිබෙනවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.