කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල්වල ඇඳන් ප්‍රමාණයෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට පිරීගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
සංකූලතා සහිත ආසාදිතයින් පමණක් රෝහල්වල තබාගෙන රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයින් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු සදහන් කළා.
දැනට හමුවන ආසාදිතයින්ගෙන් සියයට 80ක් පමණ ප්‍රමාණයකට රෝග ලක්‍ෂණ මතු නොවන බැවින් එවැනි අය තෝරාගත් හෝටල් වැනි ස්ථාන හා නිරෝධායනයට වෙන් කළ මධ්‍යස්ථාන ආදියේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවධානය යටතේ රඳවා තැබීමට නියමිතයි.
මෙම ක්‍රමවේදය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය නිලධාරී සංගමය එකගතාවය පල කර තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල ඇඳන් 5000ක් වෙන්කර ඇති අතර ඉන් 4467ක් අද පෙරවරුව වන විට පිරී ගොස් තිබුණා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.