මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළා.

තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.