ලෝකයේ සිදුවූ කොරෝනා මරණවලින් සියයට 15කට වායු දූෂණ තත්ත්වයන් හරහා මතුවූ තත්ත්වයන් බලපා ඇතැයි ජර්මානු පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව වායු දූෂණය ඉහළ කලාපවලින් වැඩි කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වන බවයි හදුනාගෙන ඇත්තේ.
යුරෝපයේ එය සියයට 19ක වන අතර නැගෙනහිර ආසියාවේ කොරෝනා මරණවලින් සියයට 27 කට එම තත්ත්වය බලපා තිබෙනවා.
උතුරු අමෙරිකාවේ එම ප්‍රතිශතය සියයට 17ක්.
වායු දූෂණය සමඟ හටගන්නා රෝගාබාධ හා පෙනහළු දුර්වලතා මේ සදහා ඉවහල්ව තිබුණා.
වායු දූෂනය බහුල රටවල ජනතාවගේ රුධිර සෛලවල දුර්වලතා හටගනු ලබන අතර කොරෝනා වෛරසය සමග ඒවා වඩාත් දුර්වලවීම සිදුවනවා.
ඒ අනුවයි කොරෝනා වෛසරය වායු දූෂණය සහිත ප්‍රදේශවෙත මාරාන්තික බලපෑම් එල්ල කර ඇත්තේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.