ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල යළි ආරම්භ කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඒ එරට සැක සහිත කළාපයක ලබාගත් චන්ද්‍රිකා ජායාරූපවලට අනුවයි.
ඒ අනුව දකුණු දිග ඉරානයේ පොලව අභ්‍යන්තරයේ මධ්‍යස්ථානයක න්‍යෂ්ටික නිපදවීමේ මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
ඒ සදහා අවශ්‍ය තරම් යුරේනියම් ඉරානය සතු බවද මෙහිදී හෙළිකර තිබෙනවා.
පසුගිය මාසයේ දී ඉරාන රජය පැවසුවේ මෙම කලාපයේ ඉදිකරමින් පැවැති න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කළ බවයි.
නමුත් එය පොලව අභ්‍යන්තරයට ගෙනයාමක් පමණක් සිදුව ඇති බවටයි අමෙරිකාව චෝදනා කරන්නේ.
2021 වසර තුල ඉරානය න්‍යෂ්ටික බලය හිමි රටක් බවට පත්වනු ඇති බවටද මෙම වාර්තා මගින් විශ්වාසය පල කර තිබෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.