පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළුව පොලිසියේ නිලධාරීන් 22කට කොරෝනා ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම පොලිසියේ නිලධාරීන් 400ක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පුනානි සහ කුණ්ඩසාලි පොලිස් රෝහල් තුල ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සලෙන් පොලිස් නිලධාරීන්ට කොරෝනාවෛරසය ආසාදනය වූ බවත් පෙරට වඩා කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවත් වෛරසයේ ප්‍රභලත්වය වැඩි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.