වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට අතර කාලයට අයත් බුදු පිළිම හමුවූ බවට විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් පවසයි.

යුද සමයේදී මෙම විහාර භූමියට දැඩි ලෙසින් හානි සිදු වී කැලෑවැදී තිබුනු අතරම විහාරස්ථානයේ පැරණි නටඹුන් හා පිළිම නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී විනාශ කොට ඇත.

සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ පූජා භූමිය අක්කර 100 ක පමණ භූමි භාගයක විසිරී පවතින අතරම අක්කර දෙකක පමණ දිය අගලකින් වටවූ පබ්බත විහාර ලක්ෂණයන්ට අනුව පිළිම වහන්සේලා සහ නටඹුන් මේ වන විට මතුවෙමින් පවතින බවට වව්නියාව පුරාවිද්‍යා කාර්යල නිලධාරීන් පවසති.

මෙතෙක් පුරා විද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද කැනීම් වලදී වව්නියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ පර්යේෂණ භාර නිලධාරී සමන්කුමාර දෙල්දෙන මහතා පවසා සිටියේ

“මේ වන විට මෙම ස්ථානයේ ස්ථූප 4 ක් හමුවෙලා තියනවා .පළමුව සිරව නොමැති බුද්ධ ප්‍රතිමාවක්, බොසත් ප්‍රතිමාවක් හමුවුනා පසුව අපි විසින් සිදු කරන ලද කැනීම් වලදී බුද්ධ ප්‍රතිමාවේ සිරස හමුවුනා ඊට අමතරව තවත් බෝසත් ප්‍රතිමාවක් සහ තාරා දෙවඟනගේ පිළිමයක්ද හමුවුනා මෙමගින් අනුරාධ පුර යුගයේ මුල් යුගයේ බවටත් නිගමනයක ආ හැකියි ඊට අමතරව කැටයම් රහිත සඳකඩ පහන් දෙකක්, මුලගල් දෙකක් , සිරිපතුලක් හමුවෙලා තියනවා මෙම නටඹුන් වලට නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී හානි කරල තියෙන්නේ අපි ඉදිරියටත් මෙහි කැනීම් කටයුතු සිදු කරනවා. යනුවෙනි.

එමෙන්ම සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් කියා සිටියේ,

“මෙම පූජා භූමිය එදා දළදා වහන්සේ වැඩම කර ස්ථානයක් බවට ජනප්‍රවාද බොහෝ තියනවා ඒ වගේම මෙම පූජා භූමියේ දිය අගලකින් වටවී තිබීම තවත් ආසන්නයෙන් බිසෝ කොටුවක් වගේම අසලින් වැවක් ගම්මානයක් තිබීම මගින් වැවයි පන්සලයි ගමයි දාගබයි යන සංකල්පය පෙන්නුම් කිරීම මගින් දළදා වහන්සේ වැඩම සිටි පූජ්‍ය ස්ථානයක් බවට මෙම ස්ථානය හැඳින්වීමට හැකි බැවින් මෙම පූජා භූමිය වහාම සංරක්ෂණය කොට බැතිමතුන්ට වන්දනාමාන සිදුකිරීමට අවස්ථාව උදාකර දිය යුතුයි. “

පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලයේ අධීක්ෂණයන් යටතේ වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය හා ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලයේ නිලධාරීන් විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබයි. වන්නි – රොමේෂ් මධුෂංඛ

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.