කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසුවේ ගාල්ල මහ මෝදර රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඇය ආසාදිතයකු බව හදුනාගත් බවයි.
එම කර්මාන්තශාලාවේ තවත් සේවිකාවක්ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව සදහන්.
1200 කට අධික පිරිසක් සේවය කරන එම කර්මානශාලාව සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
ආසාදිත කාන්තාව සේවයට ගමන් කළ කර්මාන්තශාලාවේ බස් රථය තුල තවත් 80 ක පමණ පිරිසක් දිනපතා ගමන් කරන බවයි හෙළිව ඇත්තේ.
ඇයගේ ආශ්‍රිතයින් 62 ක් ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂාවන්ට ලක් කර තිබුණා.
එහි වාර්තා අද ලැබීමට නියමිතයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.