

කොරෝනා නව ප්‍රභේදය සහිත රෝගීන් අවිස්සාවෙල්ල වවුනියාව වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. බස්නාහිර පළාත තුළ වැඩිම පැතිරීමක් ඇති වීමට ඉහළ ජන ඝණත්වය හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මුඛ ආවරණ 02 ක් පැලදීමේ ප්‍රතිඵලයක් ඇති බවත් කළ යුතු වන්නේ මුඛ ආවරණය නිසි ලෙස පැලදීම බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොරෝනා එන්නත ලබාගත යුතු වන්නේ රෝගය බෝවීමට පෙර බව ද ඔහු අවධාරණය කරනවා.
ශරීරයට වයිරසය ඇතුළුවීමෙන් පසුව එන්නත විදීමෙන් පලක් නොවන බවයි ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ.(ITN)
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476