ජන්දෙදි එක කතිරයක් පමණයි / නැත්නම් අවලංගුයිලු

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඒ අනුව අදාළ පක්ෂයට ඉදිරියෙන් මෙම සලකුණ ලකුණු කළ යුතු වනවා.
ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සැලකීමට නියමිතයි.
මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ජාව අමතමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.
මෙවර ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළ හැකි බවද මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණා.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.