ලංකාවට පසුව ඉන්දියාවේ එන්නත අප්‍රිකාවට හා මැද පෙරදිගට

Sri Lanka

ශ්‍රී ලංකාව , ඇෆ්ගනිස්ථානය හා මොරිෂස් යන රටවලට කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව අප්‍රිකාව , මැද පෙරදිග හා තවත් රටවල් ගණනාවකට කොරෝනා එන්නත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

සේරම්ල ආයතනය විසින් නිපදවන එන්නත ඉන්දියාවෙන් ලබා ගැනීමේ සැලසුම් ස්ථිර කිරීම සඳහා මියන්මාරයේ ඉහළ පෙළේ සෞඛ්‍ය නියෝජිත කණ්ඩායමක් ද ඉන්දියාවට පැමිණ ඇති බවයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

මේ අතරින් ලංකාව වැනි අසල්වැසි රටවලට එන්නත් යම් සංඛ්‍යාවක් පරිත්‍යාග ලෙස ලබාදීමට නියමිතයි.

ඉන් පසු එය අපනයනය කරනු ලබන්නේ දිළිදු රටවලට පරිත්‍යාගයක් ලෙස හා අනෙක් පාර්ශවයන්ට ගණුදෙනුවක් ලෙසයි.

දකුණු අප්‍රිකාව ද මේ වන විටත් ඉන්දියාවේ කොරෝනා එන්නත අවශ්‍ය බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කොරෝනා වංසගතය හමුවේ ඉන්දියාවේ කාර්ය භාරය දැවැන්ත මට්ටමකට ගමන් කරමින් පවතින බවයි ඉකොනොමික් ටයිම්ස් පවසන්නේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *