අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටියදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවුණා.

ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ තුල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් ආකාරයයි දක්නට ලැබුණේ.

ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ අතර පාර්ලිමේන්තුවේ කල් තබා යළි ඇරඹීමෙන් පසු ලබන 23 වනදා තෙක් කල් තැබුණා.
මේ එහිදී ඇතිවූ තත්ත්වයයි.

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.