2020 අයි පී එල් ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද සමත් වුණා.
ඒ ඩුබායි හී දී පැවැති අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා.
සුරේෂ් අයියර් ලකුණු 65 යි.
රිෂාබ් පාන්ට් ලකුණු 56 යි.
මුම්බායි පිල වෙනුවෙන් ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිල පන්දුවාර 18 යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී ලකුණු 157ක් ලබමින් තරගය ජයගත්තා.
රෝහිත් ෂර්මා ලකුණු 68 යි.
ඉෂාන් ක්‍රිෂන් ලකුණු 33යි.
මෙය මුම්බායි ඉන්දියන්ස් පිල අයි පී එල් තරගාවලියක් ජයගත් පස්වන අවස්ථාවයි.එම කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවකු වූ මහේල ජයවර්ධනයි.

 

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.