නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් මහතා ඇතුළු ජාත්‍යන්තරයේ නම ගිය ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරුද ඇතුළත් වෙති.

ඔවුන්ට අමතරව පාකිස්තානයෙන් හිටපු නායකයකු  වූ ආරම්භක පිතිකරු අමීර් සොහෙයිල්, දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් වන හර්ෂල් ගිබ්ස් සහ ඩැරන් ගංගා ද LPL තරගාවලි විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිති.

එළැඹෙන නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත  LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 ම සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.