කණ්ඩායම් 5න් සමන්විත වන LPL තරගාවලිය සඳහා පළමුවෙන්ම පුහුණුවීම් ආරම්භ කළ කණ්ඩායම බවට පත්වෙමින් 2020 එල්පීඑල් LPL (Lanka Premier League) තරගාවලියට පුරෝගාමී පළමු පියවර තැබූ Jaffna stallions කණ්ඩායම සිය ප්‍රථම නේවාසික පුහුණු කඳවුර සඳහා පල්ලේකැලේ බලා පිටත් විය. නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එල්පීඑල් LPL (Lanka Premier League) 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සැලසුම්සහගත සහ ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වන මෙම පුහුණු කඳවුර අද (13) සිට 15 දක්වා දින තුනක් පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් සමන්විත අති දක්ෂයින්ගේ කණ්ඩායම් 5ක් කරට කර තරඟ කරන LPL තරගාවලියට උද්‍යෝගීමත් ප්‍රවේශයක් ලබාදෙමින් පුහුණු කඳවුර හරහා පළමුවෙන්ම තරගාවලියට අවතීර්ණ වී සිටින Jaffna stallions කණ්ඩායම මෙම දින තුන පුරා ශාරීරික හා මානසික යෝග්‍යතාවය සමබර කරගනිමින් නොවැම්බර් 27 වැනි දින පැවැත්වෙන සිය පළමු තරගයට වඩාත් විශ්වාසයෙන් මුහුණදෙනු ඇත.
Jaffna stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බි විසින් මෙහෙයවනු ලබන මෙම පුහුණු කඳවුර සඳහා Jaffna stallions කණ්ඩායමේ සියලුම දේශීය ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සහභාගී වෙයි. ශ්‍රී ලංකා ප්‍රිමියලීග් තරග ඉතිහාසයේ ජයග්‍රාහී නායකයකු ලෙස ඌව (Uva Next) කණ්ඩායම නියෝජනය කරමින් T-20 ඉතිහාසයට එකතු වූ තිළිණ කණ්ඩම්බි මෙවර ද Jaffna stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස තම කණ්ඩායම ජයග්‍රාහී මාවත දෙසට මෙහෙයවීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටියි.
Jaffna stallions කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට T-20 ලෝක කුසලානය අත්පත් කර දුන් කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රාහී අවසන් ලකුණු ත්‍රිත්වය වේගවත් හතරේ පහරකින් සම්පූර්ණ කළ තිසර පෙරේරාය. හිටපු ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හේමන්ග් බඩානිගේ (Hemang Badani) උපදේශකත්වයෙන් LPL තරගාවලිය සඳහා ඉදිරිපත් වන Jaffna stallions කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස මාරියෝ විලවරයන් (Mario Villavarayan) ද දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ ද පන්දු රැකීමේ පුහුණුකරු ලෙස විමුක්ති දේශප්‍රිය ද යන අය සම්බන්ධ වී සිටිති. –  Jaffna stallions මාධ්‍ය අංශය

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.