හම්බන්තොට වරායේ නාවික හමුදා කදවුර ගැන චීනයෙන් ප්‍රතිචාර

Sri Lanka

හම්බන්තොට වරායේ ආරක්ෂාව මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු බව කොළඹ චීන තානාපති කාර්යාලය පැහැදිලි කර තිඛෙනවා.
ඒ හම්බන්තොට වරායේ ස්ථාපනය කර ඇති නාවික හමුදා කඳවුර එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සූදානමක් පිළිබඳව පළවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්ල හම්බන්තොට වරායේ ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ නාවික හමුදාව විසින් තීරණ ගනීවිග වරායේ අයිතිය සියයට සියයක්ම ඇත්තේ ශ්‍රී ලංකාව සතුවයි.ඒ බව අපි මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. වරාය පරිශ්‍රයේ පවතින නාවික හමුදා කඳවුර වරාය තුළ හෝ ඉන් පිටත තබාගැනීම පිළිබඳව වැඩිදුර තොරතුරු වරායට අදාළව වරාය අධිකාරිය සමග අත්සන් කරන ලද ගිවිසුමේ පැහැදිලිව සඳහන් කර ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරන ලද්දේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථානගත කර ඇති නාවික හමුදා ඛණ්ඩය ඉන් ඉවත් කර ගැනීමට රජය සූදානම් වන බවයි.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *