විද්යුත් ඇඟිලි සලකුණු යන්ත්රයක සේවයට පැමිණි වේලාව සටහන් තැබිමේ ක්රමය හඳුන්වා දීමට විරෝධය පළ කරමින් ශ්රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සිදුකරන වැඩ වර්ජනයට සහය පළකරමින් කොළඹ ජාතික රෝහලේ හා අක්ෂි රෝහලේ හෙද හෙදියෝ අද සංකේත වර්ජනයක නිරතව සිටිනවා.
මේ වන විට ශ්රී ජයවර්ධනපුර රෝහලේ පමණක් ක්රියාත්මක වන මෙම ඇඟිලි සලකුණු යන්ත්රය අද දින ඉවත් නොකළහොත් රට පුරා හෙද වර්ජනයක් ක්රියාත්මක කරන බවයි රාජ්ය සේවා එක්සත් හෙද සංගමය පවසන්නේ.
කෙසේ වෙතත් රටේ ජනතාවට ඇති පැනයක් වන්නේ නියමිත වේලාවට සේවයට පැමිණීමට අදාළ මෙම යන්ත්ර සවි කිරීම හෙද සේවකයින්ට කවර ආකාරයේ අසාධාරණයක් සිදුකරන්නේද යන්නයි.
රටේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන හෙද හෙදියන් නිසි පරිදි සේවයට වාර්තා කිරීම සිදුවිය යුතු අතර එය කම්කරු නීති උල්ලංඝනය කරන්නක්ද නොවේ.
ඒ අනුව භික්ෂුවක් විසින් මෙහෙයවන රාජ්ය සේවා එක්සත් හෙද සංගමය ලබන වැටුපට සේවය ඉටු නොකිරීම සදහා හෙද හෙදියන් පොලඹවන බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි වන බවටයි ජනතාව අදහස් දක්වන්නේ.
චීවරයක් දරමින් එවන් ක්රියා සිදුකිරීම කිසිවකුට උචිත නොවන අතර එසේම හෙද සේවය වැනි උතුම් වෘත්තියක් මෙවන් පටු අරමුණු වෙනුවෙන් යෙදවීමද සදාචාරවත් නොවන බවයි සදහන් කළ හැකිවන්නේ.
මෙලොවදී මේ සදහා විපාක නොලැබුවද ජනතා මුදල් විනාශ කරමින් සිය සේවය නිසි ලෙස ඉටු නොකරන්නන්ට හිමිවන ජනතා සාපය ඔවුන්ගේ ඊළග භවයට දැඩිව බලපානු ඇති බවයි සිහිපත් කළ හැකිවන්නේ.
ඇගිලි සලකුණු යන්ත්රයට මුවාවී හෙද සංගමයක් නින්දිත වර්ජනයක

53408
45820
7324
270