චීනයේ Chongqing හී බ්‍රිතාන්‍ය කොන්සල් ජනරාල්වරයා චීනයේ වීරයකු බවට පත්ව තිබෙනවා.
ඒ හී ගංගාවක ගිලෙමින් සිටි චීන සරසවි ශිෂ්‍යාවක බේරා ගැනීම මතයි.
Zhongshan හී ගංගාවකට තරුණියක් ඇද වැටුණු අවස්ථාවේ බ්‍රිතාන්‍ය කොන්සල් ජනරාල් ස්ටීවන් එළිසන්ඇතුලු සිය ගණනක පිරිසක් එම ස්ථානයේ රැදී සිට තිබුණා.
කෙසේ වෙතත් චීන ජාතිකයන් කිසිවකු ඇය බේරාගැනීමට ඉදිරිපත් නොවූ බැවින් තමන් ඇද සිටි ඇදුම් පිටින්ම එම ගංගාවට පිවිස තරුණිය බේරා ගැනීමටයි කොන්සල් ජනරාල්වරයා කටයුතු කර තිබුණේ.
එම දර්ශනය චීන ජාතිකයකු විසින් සම්පූර්ණයෙන් පටිගත කර තිබුණා.


මෙම සිද්ධිය චීනයේ සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයකට ලක්ව ඇති අතර මිලියන 40ක පිරිසක් එම වීඩියෝව නරඹා තිබෙනවා.
නරඹන්නන් එම වීඩියෝවට අදහස් දක්වමින් පවසා ඇත්තේ 61 හැවිරිදි බ්‍රිතාන්‍ය කොන්සල් ජනරාල්වරයා වීරයකු බවයි.
චීනය හා බ්‍රිතාන්‍ය අතර විවිධ මතබේදයන් පැවැතියද මෙ වීර ක්‍රියාව භේදයකින් තොරව චීනය අගය කිරීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍ය විසින් හුවාවී නිෂ්පාදන එරට තුල තහනම් කිරීම සමග චීනය සමග මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණා.
මෙම වීර ක්‍රියාවට සම්බන්ධ ස්ටීවන් එළිසන්ට බ්‍රිතාන්‍ය රජය විසින් ද පැසසුම් කර තිබෙනවා.
චීන මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් දිවි බේරාගත් තරුණිය කොන්සල් ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉදිරි සතියේ දිනෙක රාත්‍රී ආහාරය සදහා තමන නිවසට පැමිණන්නැයි ඇරයුම් කර ඇති බවයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.