යහපාලන රජය වසර පහක් පුරාවට ගත් ණය වත්මන් රජය වසර දෙකක් තුළ ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අය වැය විවාදයේ දී සදහන් කළා.
මේ එහිදී ඔහු පළ කළ අදහස් එකතුවයි.

අග්‍රාමාත්‍යවරයා මෙම රජයේ පළමු අය වැය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ කඩා වැටුනු ආර්ථිකය ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අය වැය කියලාය. සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති යථාර්තය කරමින් සාර්ව ආර්ථික ක්ෂේත්‍රය තුළ සියලු අංශ ආවරණය කර ඇතැයි කී නමුත් සමස්ත අය වැය අපට සිහිපත් කරන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද කියන කතාවයි
අත මිට සරු අය ඉන්නව නැති බැරි අය ඉන්නවා මෙය ආර්ථික්යි අවදානම් කාලයකුත් ඇතිවනවා. කෝවිඩ් කාලය තුල එය පිළිඹිබු වනවා. සියලු දෙනා අවදානම් තත්වයට වැටෙන තත්ත්වයකි.
රටේ සමාජයේ පාලනය වන අය හා පාලනය කරන අය අතර සමාජ ගිවිසුමක් තිබේ. රජයන් විසින් ජනතාවගෙන් බදු අය කරනු ලබන්නේ එම ගිවිසුම අනුවය. රටක බදු ක්‍රමය දුර්වල වීමෙන් එම සමාජ ගිවිසුම නැති වනවා. එම ගිවිසුමා වත්මන් පරම්පරාවට පමණක් නොව ඉදිරි පරම්පරාවටත් අදාළ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අය වැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දින විපක්ෂය වෙනුවෙන් ප්‍රථමයෙන් කතා කළ ඉරාන් වික්‍රමරත්න මහතා තවදුරටත් කතා කරමින් මෙසේ ද පැවසීය
බලය තිබූ පමණින් වනාන්තර වනසන්න පරිසරය වනසන්න ඉඩ නැහැ. වනාන්තරය ව්‍යාප්ත කරමින් ගැසට් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ක්‍රියාව අගය කළ යුතුයි.
ගෘහ සේවයේ යෙදෙන විගමණික අපගේ රට විරුවන් ගැන හිතමු. ඔවුන් අනාරක්ෂක පරිසරයක තම පවුල රැක ගැනීම සඳහා ස්වල්ප වශයෙන් විදෙශ් විණිමය ප්‍රමාණ්යක් උපයමින අතර රටේ විදේශ් විනිමය ආදායම ටද දායක වනවා. සමස්ත් ජනයාම ඔවුන්ගේ ඒ ඉපැයීමෙන් භුක්ති විඳිනවා. එවන් අයගේ ඉපැයීමෙන් රටේ විදේශ සංෂිතය ඉහල යන අතර රටට අව්ශ්‍ය විනිමය අවශ්‍යතාවයට ලොකු සහනයක් ඔවුන්ගෙන් ලැබෙනවා.
හෙද සේවිකාවන් ද එසේමයි කොරෝනාවේ ඔවුන්ගේ සේවය අඩු තක්සේරු කළ නොහැකිය. ඔවුන් අඩු වැටුෆකට සේවය කරන්නේ ඇමරිකව වගේ රටකට ගියොත් මසකට ඩොලර් 5000 ක් විතර ලැබෙනවා. කොරෝනා උවදුර සමයේ ඔවුන් ගෙන් පොදුවේ සියල්ල පහසුකම් හා සේවාවන් ලබනවා. ඔවුන්ට අපිත් උදව් කරන්නට ඕනෑ.
මෙවැනි සියලු අයගෙන් රජය සමාජ ගිවිසුමක් යටතේ බදු එකතු කරන්නේ අපහසු තාවයක් ඇති, අවශ්‍යතාවයන් තිබෙන අයට උදව් කිරීමටයි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක තත්ත්වය රැකෙන්නේ ඔවුන් නිසයි.
බදු ගෙවන ජනතාවම තමයි ගුවන් තොටුපළ හා වරායවල් හදන්නේ. ඒවායේ වාසිය ජනතාවට ලැබෙන්න ඕන. නමුත් ඒවායේ ලාභය ලබන්නේ පුද්ගලිකව.
පාලක සහ පාලිත පාර්ශව අතර, සමාජ ගිවිසුමක් තියෙන්න ඕන. මේ සමාජ ගිවිසුමේ අනාගතය අපි නියෝජනය කරන්නේ. රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යයයි. ද්විත්ව පුරවැසියන්ගෙන් ඒවා අපේක්ෂා කරන්න බැහැ. ද්විත්ව පුරවැසියන් කියන්නේ වරදින කොට රට අතහැර යන අය. ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසියන්ගෙන් ඉහළ බදු අය කරනවා. එවැන්නක් ලංකාවේ නැහැ.
අපිට ක්‍රමවත් බදු ක්‍රමයක් ඕන.අද රාජ්‍ය අදායම් අඩු වෙලා. රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9 දක්වා අඩු වෙලා.මෙය යුරෝපයේ සියයට 40-50 අතර පවතින්නේ.
අධි වේගී මාර්ග හා යටි තල පහසුකම් සංවර්ධනය මගින් ව්‍යාපාරිකයටා හා පොහොසත් අයට ඉමහත් වාසි ලැබෙනවා. යටිතල සංවර්ධනයේ වියදමට සියලු දෙනා දායක වෙනවා. එහෙත් වාසිය ව්‍යාපාරිකයන්ටයි. එහි බර සියලු දෙනා දරනවා.ජනතාවගේ බදු මුදලින් ඒවා ඉදිකරන්නේ. කොරෙඔනාව වැනි වසංගත හේතුවෙන් පොහොසතා තවත් පොහොසත් වෙන්නත් පුලුවන් දුප්පතා තව දුප්පත් වන්නට පුලුවන් තත්ත්වයක්. මෙය අප රටට පමණක් පොදු ක්‍රමයක් නොව අද ලොවේම තත්ත්වය එසේය. එනිසා මේ අත්‍යාවශ්‍ය අවස්තාවේ දී බදු ගෙවන එම ජනතාවට සහන සැලසීම රජය්න්ගේ වගකීමයි.
මෙවන් අත්‍යාවශ්‍ය අවස්තාවේ දී රටට අවංක ව ආදරය කරන පුරවැසියන් මේ පාර්ලිමේන්තුවට අව්ශ්‍යයයි පුද්ගලික වාසියට සමාජ ගිවිසුම කඩ කරන්න ඉඩ දෙන්න බැරි බැවින් ද්විත්ව පුරවැසියන්ගෙන් මේවා අපේක්ෂා කරන්න බැහැ.මේ රටේ ම ඉපදිලා මේ රටේම මැරෙන අයයි අපට මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි.
රට පසුගිය කලක අස්ථාවර වූ විට රටේ සිදුවීම් වරදින කොට අනෙක් රටකට පැනපු අය ඉන්නව. අවදානම් වැඩි වෙන කොට, අසමත් වන කොට ද්විත්ව පුරවැසියන් රට අත හැර යන්නට පුලුවන්.ඒ අය අපි වෙනුවෙන් තීරණ ගන්නට ඉඩ තියන්නට බැහැ.

ඇමරිකවේ නම් ද්විත්ව පුද්ගලයන් ගෙන් වැඩි පුර බදු අය කරනවා. එහි සමාජ ගිවිසුම ට එකඟ වෙලයි ඔවුන් එහි පුරවැසි භාවය ගන්නේ. මම විදේශ් අධ්‍යාපනය අවසන් වූ වහාම ජීවත් වන්නේත් මැරෙන්නේත් මේ රටේමයි කියමින් ලංකාවට ආපසු පැමිණිය යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
මේ රටේ ජීවත් වන මිනිසුන් ට අයිති ආන්ඩුවක් අපට ඕනෑ. මේ රටේ ජනතාව්ගේ රජයක් අපට ඕනෑ රටට අවංකව ආදරය කරන පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍යය්යි. ජනතාව නොසලකා හරින බදු ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. බදු ක්‍රමය දුර්වල වන විට පාලකයන් හා ජනතාව අතර තිබෙන සමාජ ගිවිසුම දුර්වල වනවා. පාලකයා හා පාලිතයන් අතර සමාජ ගිවිසුම අනුව මේ පරපුර සඳහා පමණක් නොව ඉදිරි පරම්පරාව ද සැලකිල්ලට ගෙනයි බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ.එවිටයි මේ අපේ රජයක් යනුවෙන් ජනතාවට සිහිපත් වන්නේ යැයි හෙතෙම සඳන් කළේය.
රාජ‍ය ආදාය්ම් වියදම් ගැන අවඪ්Hආනය යොමු කළ ඉරාන් වික්‍රමරත්න මහතා කලාපයේ සියලු රටවල් 2021 දී ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශයෙන් රාජ්‍ය මූල‍ය වගකීම් පනත යටතේ අය වැය ට සමගාමීව නිකුත් කල ප්‍රකාශ්ණයේ සඳහන් කර තිබිය දී ශ්‍රී ලංකාවේ පමණක් 5.5 % ක ආර්ථික වර්ධන වේගයක් ඇස්තමේන්තුව කර තිබීම කවුරුන් රවට්ටන්නට දැයි ප්‍රශ්ණ කළේය.
ඒ වගේම බරපතලම ප්‍රශ්නය නම් අනෙක් රටවල අය වැය හිඟය 10 % දහය ඉක්මවූ බවට කියන විට ලන්කාවේ අය වැය පරතර මට්ටම 9 % ක තිබෙන බව කීමය.
රාජ්‍ය ආදායම යුරොපීය රටවල වැඩියි. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 29% ට වැඩි වීමක් පෙන්නුම් කළේ 1983 දීය. මහින්ද රාජපක්ෂ මහතා 2014 දී රට අපට භාර දෙන විට රාජ්‍ය ආදායම 11% ට කඩා වැටී තිබුණි. 2015 වන විට රාජ‍ය ආදායම 12.6 දක්වා වැඩි වූ අතර 2018 දී එය 13% ප්‍රතිශතය ඉක්මවිය. 2020 දී එය යළිත් 9% ට බැහැලාය.
රාජ්‍ය ආදායම 2018 වන විට රු.බි 1900 ට වර්ධනය කළා.මේ රජය යටතේ 2020 දී ආදායම සෞභාග්‍ය දැක්ම අනුව රු බි 1588 ලෙස දක්වනවා. මෙම සැබ ලෙස 1300 පමණ වනු ඇත. 2021 දී රු. බි 2029 දක්වා වැඩිවනු බවට කියන ලේඛණය අනුව රාජ්‍ය ආදායම 28% කින් වර්ධනය විය යුතු වනවා මෙය යථාර්තයක් නොවන අසත්‍යයකි. 202 සැබෑ ආදායම 1300 ට පමණ සීම වනු ඇතයි විශ්වාස කළ හැකි බැවින් ලබන වසරට රාජ්‍ය ආදායම 44 % කින් වැඩි කළ යුතුයි.
පසුගිය වසර 20 ක ඉතිහාසයේ රාජ්‍ය ආදායම 5% -15 % අතර වර්ධනයක් වාර්තා කර ඇති අතර රජය යථාර්ත්යක් නොවන අදහා ගත නොහැකි වර්ධනයක් පෙන්වා ජනතාව රවට්ටන්න හදනවා. මෙය නරක පූර්වාදර්ශයක් හා නරක සෙල්ලමක්.
ආදයම වැඩි කරන්න පිළිවෙතක් නැතිවුනහම වියදම සීම කරනවා යැයි කියනවා.නාස්තිය අඩු කරනවයි කියනවා මේවා ප්‍රායෝගික විසඳුමක් නොවේ. රජයට ආදායම් උපදවන ක්‍රමයක් නැතිවන විට ණය පිට ණ්ය ගන්න වෙනවා. ප්‍රතිපත්ති අපැහැදිලියි. 2014 අවසානයේ දී රටේ සමස්ත ණය බර ට්‍රිලියන් 7 කි. එය 2019 දී ට්‍රිලියන 13 ට වැඩිවුනා. විසර්ජන පනත 2020 අනුව ට්‍රිලියන 2 ක් ණය ලබාගෙන තියෙනවා. 2021 අය වැය අනුව අපික්ෂිත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 2.9 යි. අපේ ආණ්ඩුව පුරාවට ගත් ණය මේ අන්ඩුව වසර දෙකකින් ලබාගෙන තිබීමෙන් රටේ ආර්ථිකය අගාධයට ඇද වැටීම පිළිබඳව පැහැදිලිව පෙනේ.
කෘෂි ආර්ථිකය සම්බන්ධයෙන් ද රජය අසාර්ථක බව ප්‍රදර්ශන කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.රජයේ පොහොර ප්‍රතිපත්තිය වී ඇත්තේ වී සඳහා පොහොර නොමිලේ දෙන අතර අනෙක් පොහොර 1500 ලබා දීමය. සෞභාග්‍ය දැක්මේ 39 පිටුවේ ගොවියා නැවත වගාවට යොමු කරනු පිණිස සියලු ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමට පොරොන්දු වෙනවා කිව්වා.

මේ අය වැය යෝජනා සෞභාග්‍ය දැක්මේ වැඩ පිළිවෙල ද. 2015 ට පෙර මහින්ද ආණ්ඩුවේ පොහොර සහනාධාර දුන්නේ ආනයන කරන මුදලාලිලාට ය. යහපාලන රජය ගොවීන්ට මුදල් සෘජුවම දී හිඟයකින් තොරව පොහොර ලබා ගන්නට ඉඩ සැලසුවා. එමගින් රු බි 6 ක් රජයට ඉතිරි විය. මුදල් අහිමි වූ පසුගිය රජයේ ගජ මිතුරන් ගොවීන් අවුස්සා විරෝධතා පැවත්විය.දේශීය ආර්ථිකයක් ගොඩ නගනවා යැයි දැන් කියන මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විට කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයට ලැබුණු දායකත්වය 12 % කි. එහෙත් 2014 රජය ආපසු භාර දෙන විට කෘෂි කර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදනයට ලැබුනු දායකත්වය 8 % දක්වා අඩුවිය. කෘෂි ආර්ථිකය හා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන බවට ප්‍රකාශ කරන්නේ ආනයනට අවශ්‍ය විදේශ විණිමය රජය සතුව නැති හේතුව නිසා විනා දේශීය ආර්ථිකය නංවන්නට තිබෙන ප්‍රතිපත්තියක් නිස නොවන බව ඉරාන් වික්‍රමරත්න මහතා අය වැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
බදු ප්‍රතිපත්තිය මත බදු උපදේශකයන් හා සහතික නිකුත් කිරීමේදී වැරදි කරන අයට විරුද්ධව දඬුවන් දීමට නීති සකස් කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අයි ජනගත නොකරන්නේ යැයි හෙතෙම කථානායක වරයාගෙන් විමසීය.
එක රටක් එක නීතියක් කියනව පෞද්ග්ලික අංශයට එක නීතියක් මේ සභාවේ මන්ත්‍රී වරුන්ට වෙනත් නීතියක් වත්කම් බැරකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සමාජ සාධාරණය නොවන බව කී හෙතෙම් තම වත්කම් බැරකම් ජනගත කිරීමේ ආදර්ශය දීමට පසුව පුද්ගලික අංශයට හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් දීමට ඉදිරිපත් විය යුතු යැයි සිහිපත් කළේය. මේ ෆේල් ආන්ඩුවට විභාගය පස් වන්නට නම් ජනතාවට අවංක හා සත්යවාදී ද කියන එක මතයි එය සාර්තක වන බැවින් මෙහිලා රජය තම ස්ථාවරය පිළිබඳව සිතා බැලිය යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

19.11.2020

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.